Tuesday 2 December 2008

විලාසිතා ලෝකය

ලෝකය ඉක්මනින් අලුත්වේ. ඊට වඩා වේගයෙන් විලාසිතා ලෝකය වේගයෙන් වෙනස් වේ. මා මෙම බ්ලෝග් අඩවිය තුලින් අලුත් ඇදුම් විලාසිතා හදුන්වා දීමට අදහස් කරමි.

විවිධ විලාසිතා නිසා මිනිසුන් ලස්සන වෙනවා සේම නොගැලපෙන විලාසිතා නිසා මිනිසුන් කැත වේ. එබැවින් අප හොද අවබෝධයෙන් ඇදුම් විලාසිතා භාවිතා කල යුතුය. සමාජයේ සමහරු තම ඇදුම් විලාසිතා වෙනස් කරන්නට කැමති නැත. මාගේ මතය නම් සුදුසු වෙනස් විලාසිතා භාවිතා කිරීමෙන් වඩා ලස්සනට සමාජයේ කැපී පෙනීමට හැකියාව ලැබෙනු ඇති බවය.

කෙනෙක් ලස්සන වෙන්න ඇදුම් විලාසිතා විශාල ලෙස බලපායි. බොහෝ දෙනෙක් විවිධ විලාසිතා කරන්නට නැඹුරු වන්නේ එහි ඇති සුන්දරත්වය නිසාමය. මා විසින් නිර්මාණය කරනු ලබන ඇදුම් විලාසිතා ඔබටත් ගැලපේ නම් ඒවා භාවිතා කරන්නට මා ඔබට ආරාධනා කරමි.